හෝටලයේ සාදය ෆේස්බුක් දැමූ කෝටිපති ව්‍යාපාරික පුත්‍රයා සුරා බදු ඒකකයෙන් වටලයි

විස මත්ද්‍රව්‍ය පානය කරමින් එය ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වෙත මුදා හැරි කෝටිපතී ව්යාපාරිකයකුග පුත්‍රයෙකු හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු හික්කඩුව, උණවටුන, මිරිස්ස, ආරුගම්බේ යන සංචාරක ප්‍රදේශවල රාත්‍රි සාදවලට සහභාගි වන බවට ඔහුගේම ෆේස්බුක් ගිණුම ඔස්සේ ලැබුනු තොරතුරු මෙම වැටලීම සිදුකර තිබුණා.
මෙලෙස ඔහු සහභාගි වන සාද අතරතුර මත්ද්‍රව්‍ය පානය කරන අයුරු වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබූ අතර එම වීඩියෝ සුරාබදු නිලධාරීන්ගේ අවදානයට පාත්රවී තිබුනා.
ඉන්පසුව ඔහු විසින් තමන් සහභාගී වූ සාදයන්ගේ ස්ථාන ෆේස්බුක් දමා තිබූ අතර එම සුරාබදු නිළධාරීන් එම තරුණයා සිටි ස්ථානය සොයාගෙන තිබේ.
මෙම වැටලීමේදී ඔහු සමඟ සිටි තවත් තරුණයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබී කුෂ් සහ අයිස් මත්ද්‍රව්‍යද සොයාගෙන තිබෙනවා.