BREAKING NEWSEXCLUSIVE

ෆේස්බුක් හරහා දැන්වීම් දමා සැප කාර් ජාවාරම් කළ අයෙක් අත්අඩංගුවට

ෆේස්බුක් වෙබ් අඩවිය හරහා දැන්වීම් පළකොට කුලී පදනම මත ලබා ගන්නා අති සුඛෝපභෝගීි වාහන උකස් කිරීමෙන් හා විකිණීමෙන් මුදල් ඉපැයූ ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට පත්ව තිබේ.

ව්‍යාජ ලිපිලේඛන සකසා වංචා කර තිබූ වාහන 05ක්ද පසුව සොයාගෙන තිබේ.

මෙම ජාවාරම කරගෙන යෑම සඳහා සැකකරු ෆේස්බුක් වෙබ් අඩවියේ දැන්වීමක් පළකොට ඊට ප්‍රතිචාර ලැබෙන ප්‍රදේශයෙන් එක් දින කුලී පදනම යටතේ කාමරයක් ගෙන එහි කාර්යාලයක් පවත්වාගෙන යන පරිද්දෙන් ගනුදෙනුකරු රවටා එහි රැඳී සිටිමින් ඉතා සූක්ෂ්ම ලෙස මෙය කරගෙනවිත් ඇති බව වාර්තා වී තිබේ.

සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙසේ වංචා කළ වාහන 05ක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

ඒ අනුව මෝටර් රථ 02ක්, වෑන් රථයක්, ජීප් රථයක් හා කැබ් රථයක් සොයාගත් බවත් ඉන් සොයාගත් වෑන් රථය යක්කල ප්‍රදේශයේ පුද්ගලයකුට රුපියල් ලක්ෂ 4කට විකුණා තිබියදී සොයාගත් බවත් පොලිසිය පවසයි.

මෙසේ සොයාගත් වාහනවල වටිනාකම රුපියල් කෝටි හතරකට ආසන්න බවත් ඒවා උකස්කර තිබුණේ රුපියල් ලක්ෂ 2, 21/2, 3, 3 1/2 වැනි මුදලකට බවද පැවැසේ.

සොයාගත් එක් මෝටර් රථයක් වත්තලින්ද, තවත් මෝටර් රථයක් කළුබෝවිලෙන්ද, කැබ් රථය වත්තලින්ද, ජීප් රථය දෙමටගොඩ ප්‍රදේශයෙන්ද සොයාගත් බව පොලිසිය පවසනවා.

සැකකරු මෙසේ තවත් වාහන වංචා කර ඇති බවට පොලිසිය සැකකරන අතර එසේ වංචාවට ලක් වූ යම් අයකු වෙතොත් කිරුළපන පොලිසියට දැනුම් දෙන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button