BREAKING NEWSEXCLUSIVE

ලොවම මවිත කළ ශ්‍රී ලංකාවේ වූහාන් මෙහෙයුම – රැගෙන ආ සිසුන් දියතලාවටට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මඟින් සිදුකරන ලද හදිසි සූදානම මත චීනයේ වූහාන් ප්‍රාන්තයේ අධ්‍යාපන කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික සිසුන් තිස් තුන්දෙනෙකු රැගත් ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් යූ.එල් 1423 දරණ ගුවන් යානය අද (01) දින උදෑසන මත්තල පිහිටි රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණ තිබේ.

මෙම අතිශය විශේෂිත මෙහෙයුම ලෝක ජනමාධ්‍යයේද දැඩිව කතාබහට ලක්ව තිබුණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණයේ සාමාජිකයින් මෙවන් ජීව විද්‍යාත්මක හෝ රසායනික හදිසි අවස්ථාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට පූර්ණ සුදුසුකම් ලබා ඇති හෙයින් ඔවුන්ගේ මඟපෙන්වීම යටතේ එම සිසුන් දින 14 ක නිරෝධායන සැපයීම සඳහා දියතලාව යුද්ධ හමුදා මූලික රෝහල වෙත රැගෙන යනු ලැබිණි.

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉකුත් සිකුරාදා (31) දින සන්ද්‍යාව වන විට එම සිසුන්ට අවශ්‍ය නිරෝධායන කටයුතු සිදුකිරීමට අවශ්‍ය සනීපාරක්‍ෂක පහසුකම් සහිත වර්ග අඩි 100 x 20 ප්‍රමාණයකින් යුත් නව ගොඩනැගිලි දෙකක ඉදිකිරීම් කටයුතු නිම කර ඇත.

වෛද්‍ය උපදේශකයින්, වසංගත රෝග විද්‍යාඥයින් සහ අනෙකුත් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ අවම වශයෙන් දින 14 ක පුර්ව නිරෝධායන කටයුතු වල නියැලීමෙන් අනතුරුව ඔවුන් මුදාහැරීමට නියමිතය.

දියතලාව යුද්ධ හමුදා රෝහල තුළ නිරෝධායන ලබාගන්නා කාලය තුළ එම සිසුන් වෙත ආහාර පාන, සනීපාරක්‍ෂක අවශ්‍යතා ඇතුළු අනෙකුත් සියළු පහසුකම් වැනි දෛනික අවශ්‍යතා ඔවුන්ට සැපයීමට යුද්ධ හමුදාව කටයුතු කරනු ලබයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button