BREAKING NEWSOTHERPOLITICSSPORTS

‘ෆැමිලි රන් සැටඩේ’ මේ සෙනසුරාදා

ශ්රී ලංකාව දකුණු ආසියාවේ ක්රියාශීලිම රට බවට පත්කිරීමේ අරමුණ ඇතිව ගරු අමාත්ය නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ සංකල්පයක් යටතේ තරුණ හා ක්රීඩා අමාත්යංශය , ශ්රීලංකා පොලීසිය සහ ස්පෝට්ස්රයිසන් ආයතනය එක්ව සංවිධානය කරන ‘ෆැමිලි රන් සැටඩේ’ දිවීමේ සහ ඇවිදීමේ වැඩසටහන හෙට (10) පෙරවරු 6ට පිලිප් ගුණවර්ධන මාවතේ ක්රීඩා අමාත්යංශය ඉදිරිපිට දී ආරම්භ කිරිමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

කිලෝ මීටර් 5කින් සමන්විත මෙම පවුලේ ධාවනයට සිය පවුලේ සාමාජිකයන් සමඟ පැමිණ නිරෝගිමත් ජාතියක් බිහිකරන්න දරන මෙම ප්රයත්නයට දායකත්වය ලබාදෙන ලෙස තරුණ හා ක්රීඩා අමාත්යංශය ජනතාවට ආරාධනා කර සිටිනවා.

පවුලේ සියල්ලන් සමඟ සතියට එක් දිනයක් විනෝදයෙන් ඇවිදින්න, දුවන්න, නිරෝගිව ජිවත්වන්න හුරු කිරීම එහි ප්රධාන අරමුණක්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button