BREAKING NEWSEXCLUSIVE

ගෝඨාගේ සුදු වෑන් රියදුරු කියූ තැනැත්තා ඇමති වජිරගේ රියදුරෙක් – උඩුගම ෆ්‍රනාන්දුගේ වතගොත හෙළිවේ.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙහෙයවූ සුදු වෑන් රථවල රියදුරෙකු ලෙසට සේවය කල පුද්ගලයෙකු බව පවසමින් ව්‍යාජ රැවුලක් පැළඳු පුද්ගලයෙකු අමාත්‍ය රාජිත සේනාරත්න සමග අද මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා.

එහිදී ඔහු චෝදනා කලේ එලෙස පැහැරගනු ලැබූ පුද්ගලයින් කිඹුලන්ගේ ආහාරයට දමන බවයි. මෙහි විශේෂත්වය වූයේ මෙලෙස අපරාධයකට සම්බන්ධ වූ පුද්ගලයෙකු පොලීසියට භාර වී, සිය අපරාධ පිළිබඳ හෙළිදරව් කිරීම කළ යුතුව තිබුනත්, ඔහු රජයේ අමාත්‍යවරයෙක් සමග මාධ්‍ය හමුවකට පැමිණීමයි.

නමුත් මෙලෙස සුදු වෑන් රථ රියදුරෙකු බව පවසමින් මාධ්‍ය හමුවට සහභාගී වූ පුද්ගලයාගේ සත්‍ය අන්‍යයතාව පිලිබඳව lankamag.com වෙබ් අඩවියට තොරතුරු වාර්ත වනවා.

මෙම පුද්ගලයා 2007 වසරේ සිට එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය වජිර අබේවර්ධන යටතේ රියදු‍රෙක් ලෙස සේවය කළ පුද්ගලයෙක්. 2015 වසරේ එජාපය බලයට පත්වූ පසු ඔහු රියදුරෙකු ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට සම්බන්ධ වී සේවය කර තිබේ.

අමාත්‍ය වජිර අබේවර්ධනගේ සමීපතමයෙක් වන ඔහුගේ සම්පූර්ණ නම පැහැදිලි නැතත් ඔහු අමාත්‍යංශයේ හඳුන්වන්නේ ‘ප්‍රනාන්දු’ යන නමින් බවයි වාර්තා වෙන්නේ.

සාමාන්‍ය ජීවිතයේදි රැවුල වවා නොසිටිනා මෙම පුද්ගලයා අද මාධ්‍යය හමුවට එක්වූයේ ව්‍යාජ රැවුලක් පැලැඳගෙනයි. මෙම පුද්ගලයා මෙම මාධ්‍ය හමුවට එක්වූයේ උපැස් යුවළක් පැළැදයි. නමුත් ඔහු සැබෑ ජීවිතයේදි උපැස් යුවළක්ද පළඳින්නේ නැහැ.

උපැස් යුවළක් සහ ව්‍යාජ රැවුලක් භාවිතා කිරීමේ ඔහුගේ අරමුණ පහසුවෙන් හඳුනාගැනීම වැළැක්වීමටයි. අපරාධ විද්‍යාවට අනුව අපරාධකරුවන් පහසුවෙන් වෙස් වලා ගැනීමට භාවිතා කරන අංග අතර ව්‍යාජ රැවුල්, බොරු කොණ්ඩා සහ උපැස් ඉදිරියෙන්ම තිබේ.

මෙම පුද්ගලයා ගාල්ල උඩුගම ප්‍රදේශයේ පදිංචි අවිවාහක පුද්ගලෙ‍යෙකු වන අතර අද මධ්‍යම රාත්‍රීයේ ඔහු විදෙස්ගත කිරීමේ සුදානමක් පිළිබඳවද එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

ජනපතිවරණයේ අවසන් සතිය අදින් ඇරඹූණු අතර මෙම සතියේදි එජාපය මෙවැනි විශාල අසත්‍ය මඩ ප්‍රචාර රැසක් සැලසුම් කර තිබෙනා බවද දේශපාලන වේදිකාවෙන් වාර්තා වෙනවා.

ව්‍යාජ රැවුලකින් හා උපැස් යුවළකින් සැරසී සිටිනා අමාත්‍ය වජිරගේ රියදුරු උඩුගම ප්‍රනාන්දු
ව්‍යාජ රැවුලකින් හා උපැස් යුවළකින් සැරසී සිටිනා අමාත්‍ය වජිරගේ රියදුරු උඩුගම ප්‍රනාන්දු

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button