ගෝඨාට එරෙහි තවත් මඩකට පිළිතුරු – සියලූම ලිපි ලේඛන මාධ්‍යයට නිකුත් කෙරේ

හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ කරමින් ලිපි ලේඛන කිහිපයක් ඊයේ යම්කිසිවෙකු හෝ විසින් අන්තර්ජාලයට මුදාහැර තිබුණා.
කෙසේ වෙතත් එම ලිපි ලේඛන අසත්‍ය ඒවා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ දිනයේම නිවේදනය කර සිටියා. ඒ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා නමින් සෑදු ව්‍යාජ ගුවන් ටිකට්පතක්ද තිබුනා.
කෙසේ වෙතත් එම ව්‍යාජ ටිකට්පතේ අඩංගු තොරතුරු පරීක්ෂා කළ බැලු විට එමිරේට්ස් ගුවන් සේවයේ නිල වෙබ් අඩවිය එය ව්‍යාජ ගුවන් ටිකට්පතක් බවට තහවුරු කරනවා.
මෙම අසත්‍ය ප්‍රචාර වලට පිළිතුරු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥ කණ්ඩායම මීට ස්වල්ප මොහොතකට පෙර කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වූවා.
එහිදී ඔවුන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීමේ සියලු නිල ලිපි ලේඛන මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධ කළා.
එහිදී අදහස් දැක්වු නීතිඥවරුන් පැවසූවේ රාජ්‍ය බුද්ධි අංශ අවසන් වාර්තාව නිකුත්ව ඇති බවත්, එයට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා විශිෂ්ඨ ජයක් අත්කර ගැනීම සහතික බවයි. එම හේතුවෙන් බියට පත්ව සිටිනා ඔහුගේ ප්‍රතිවාදීන් විසින් ඒ මහතා පිළිබඳ අසත්‍ය, මඩ ප්‍රචාර විශාල ලෙස පතුරවමින් සිටිනා බවත් නීතිඥවරුන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.