Uncategorized

අගමැති නම විකිණු හොර දොස්තරට වැඩ වරදින ලකුණු..!

තමන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ හිතවතෙකු ලෙස පෙනී සිටිමින් පුද්ගලයන් රවටන ජාවාරම්කරුවෙකු පිළිබඳ Lanka Mag වෙබ් අඩවියට වාර්තා වෙනවා.

කොහුවල ප්‍රදේශයේ පුද්ගලික රෝහලක ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන මිස්සක විජේනායක නමැත්තෙක් තමන් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ශාරීරික යෝග්‍යතා පුහුණුකරු ලෙස පෙනීසිටිමින් ජනතාව රවටන බව වාර්තා වේ .

තමන් මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉතා සමීප බව කියමින් ජනතාව රවටන මෙම පුද්ගලයා සතුව කිසිදු වෘත්තීමය සුදුසුකමක් නොමැති බවද වාර්තා වේ.

නොම්මර 17/A, වික්‍රමරත්න මාවත, කොහුවල ලිපිනයේ පදිංචිව සිටින මිස්සක වික්‍රමරත්න ඕස්ට්‍රේලියාවේ රියදුරෙක් වශයෙන් කටයුතු කර, ලංකාවට පැමිණි කිසිදු සුදුසුකමක් නොමැතිව රෝහලක ප්‍රථිකාර කිරීම ආරම්භ කළ පුද්ගලයෙකි.

මේ පිළිබඳව අග්‍රමාත්‍ය අග්‍රමාත්‍ය කාර්ය මණ්ඩලයට බොහෝ දෙනෙකුගෙන් පැමිණිල්ල ලැබී තිබෙන අතර ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බව අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button