BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS
වරාය නගරයේ අයිතිය ගැන අති විශේෂ දැනුම් දීමක්..!

කොළඹ වරාය නගරයේ භූමිය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව සතු මෙරට නීතිය ක්‍රියාත්මක භූමියක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එහි මුදල් විශුද්ධිකරණයට කිසිදු ඉඩක් නැති බවත්, කිසිදු විදේශ රටකට අයත් නොවන බවත් එමගින් පෙන්වා දෙනවා.
වරාය නගර ආර්ථික කොමිසමේ වැඩබලන අධ්යක්ෂ ජනරාල්, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා පැවසුවේ වරාය නගරය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව සතු මෙරට නීතිය ක්‍රියාත්මක වන භූමියක් වන අතර එහි කළමනාකරණ කටයුතු සිදුකරන වරාය නගර ආර්ථික කොමිසම ශ්‍රී ලංකා ආණ්ඩුවට, ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට යටත් බවය.