BREAKING NEWSEXCLUSIVE

පොල්තෙල් සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ආහාරයට ගන්නා පොල්තෙල්වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර නොකළ යුතු බවට දැනුම් දෙමින් විශේෂ විධානයක් පනවා තිබෙනවා.

ඒ, ඊයේ රාත්‍රී නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින්.

ඒ අනුව බෝතල් කළ, ඇසුරුම් කළ, බහලුම්ගතව තොග වශයෙන් හෝ සිල්ලර වශයෙන් විකුණන ලබන ආහාරයට ගන්නා පොල්තෙල්වල වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර නොකළ යුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය පෙන්වා දෙනවා.

පොල්තෙල් ආනයනයකරුවන්, පිරිපහදු කරන්නන්, නිෂ්පාදකයින්, තොග රැස් කර තබන්නන්, අසුරන්නන්, බෙදාහරින්නන් හා වෙළෙඳුන් වෙත එම නියෝගය නිකුත් කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button