BREAKING NEWSEXCLUSIVEPOLITICS
මහජන හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශයට පත් කරමින් අති විශේශ ගැසට් නිවේදනයක්..!

අප්‍රේල් පළමුවැනිදා සිට මෙරට තුළ මහජන හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශයට පත් කරමින් ජනපතිගෙන් අති විශේශ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ.
2022 අප්‍රේල් 01 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාව තුළ පොදු හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
හදිසි නීතිය මගින් බලධාරීන්ට වරෙන්තු නොමැතිව පුද්ගලයින් රඳවා තබා ගැනීමට, දේපළ අත්පත් කර ගැනීමට, ඕනෑම පරිශ්රයකට ඇතුළු වී සෝදිසි කිරීමට, නීති අත්හිටුවීමට සහ උසාවියේදී ප්‍රශ්න කළ නොහැකි නියෝග නිකුත් කිරීමට හැකියාව ලැබේ.