BREAKING NEWSPOLITICS

අධිවේගී මාර්ගයේ අදායම වාර්තාගත ලෙස ඉහළට

මෙරට සමස්ත අධිවේගී මාර්ග පද්ධතිය තුළ පසුගිය 08දා සිට 14දා දක්වා ධාවනය වූ වාහන හත්ලක්ෂ හැත්තෑතුන්දහස් හත්සිය තිස් හතකින් රුපියල් මිලියන දෙසීය දහයකට අධික ආදායමක් උපයාගෙන තිබෙනවා

කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, පිටත වටරවුම අධිවේගී මාර්ගය හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහනවලිනුයි එසේ ආදායම් උපයාගෙන ඇත්තේ.

මේ අනුව, පසුගිය 10 වන දා එම අධිවේගී මාර්ග තුළ වාහන 141,187ක් ධාවනය කිරීමෙන් රුපියල් මිලියන 38.28ක් උපයාගෙන ඇති අතර එම දින කිහිපය තුළ වැඩිම ආදායමක් උපයා ඇත්තේ එදින බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් මෙරට අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු හා කළමනාකරණ වැඩබලන අධ්‍යක්ෂ මිහාල් ලොඩ්වික් මහතාගෙන් පුවත්පතක් කළ විමසීමේදී කියා තිබෙන්නේ, උත්සව සමයේදී ජනතාව සිය ගම්බිම් බලා යෑම හා විනෝද චාරිකා යෑම සඳහා අධිවේගී මාර්ග යොදාගැනීම හේතුවෙන් මෙවැනි ආදායමක් උපයාගැනීමට හැකියාව ලැබුණු බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button