BREAKING NEWSEXCLUSIVE

ගැඹුරු මුහුදට ගෙනයාමට පෙර එක්ස්ප්‍රස් පර්ල් ගිළෙන ලකුණු

දින කිහිපයකට පෙර අනතුරට ලක්වු “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගිලියාමේ අවදානමක් මතුව තිබේ. ඊයේ (01) දිනයේ සිට ජලය කාන්දුවීම හේතුවෙන් නෞකාව මේ වන විට සියයට 50කට වැඩි ප්‍රමාණයක් මුහුදේ ගිලී ඇතැයි නාවික හමුදාව පවසනවා.

කොළඹ වරාය ආසන්නයේ දී ගිනි ගැනීමට ලක්වු “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණි.

ඒ අනුව අදාළ ගැලවුම්කාර සමාගමට පහසුකම් සැලසීම සඳහා නාවික හමුදාවේ විශේෂ කණ්ඩායමක් ද අද (02) පෙරවරුවේ නෞකාවට ඇතුළු වු බව නාවික හමුදාව පැවසුවේය. ගැලවුම්කාර සමාගමේ ටග් යාත්‍රා මඟින් නෞකාව ගැඹුර මුහුදට රැගෙන යාමේ කටයුතු ආරම්භ කර තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button