BREAKING NEWSEXCLUSIVE

ඩොලර් බිලියන 08කට වැඩි අපනයන ආදායමක්

 

පසුගිය වසරේ ශ්‍රී ලංකාව ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක ආයෝජන කලාපවල සහ ඉන් බැහැරව ක්‍රියාත්මක වන කර්මාන්ත ශාලාවලින් අමෙරිකානු ඩොලර් බිලියන 08කට වැඩි අපනයන ආදායමක් ලබා ගනී 2020 වසරේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 06ක්පමණ වූ අතර 2021 වසර වන විට එම අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 02කින් පමණ ඉහළ ගොස් ඇතැයි ද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩය පවසයි.මේ වනවිට රටවල් 80ක පමණ ආයෝජකයන් විසින් මෙරට කර්මාන්ත ශාලා 1700ක් පවත්වාගෙන යන බවත් ඉන් මෙම අපනයන ආදායම ඉපයීමට හැකිවී ඇති බවත් ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය ඇමැති ඩී. වී චානක මහතා පැවසීය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රධානීන් සමඟ පසුගියදා පැවැති සාකච්ඡාවකදී රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
පවතින ආයෝජන අවස්ථා තව තවත් පුළුල් කිරීමේ අරමුණින් මෙරට පවතින ආයෝජන අවස්ථා පිළිබඳ විදෙස් භාෂා මඟින් සවිස්තරාත්මක තොරතුරු පත්‍රිකා සකස්කර එම රටවල්හි ස්ථාපිත මෙරට තානාපති කාර්යාල හරහා ආයෝජකයන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි රාජ්‍ය ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
විවිධ රටවලින් මෙරටට ලබාගත හැකි ආයෝජනයන් පිළිබඳ විමර්ශනාත්මකව සලකා බලා එම ආයෝජන ලබා ගත හැකි පහසු ක්‍රියා මාර්ගයක් හඳුන්වා දෙන ලෙස ද හෙතෙම නිලධාරීන්ට උපදෙස් දුන්නේය.සියලු ශ්‍රී ලාංකික තානාපති කාර්යාල ආයෝජන ප්‍රවර්ධනයට එක් කරගන්නා ලෙසත්, එම රටවල භාෂාවෙන් මෙරට ආයෝජන අවස්ථා ඇතුළත් සවිස්තරාත්මක පත්‍රිකා විද්‍යුත් ලිපි හා යෙදවුම් මඟින් යොමු කරන ලෙසත් චානක මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අංශ ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය.
ඉන්දියාව, පාකිස්තානය හා සිංගප්පූරුව සමඟ ශ්‍රී ලංකාව නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළඹී ඇති අතර තවත් නිදහස් වළෙඳ ගිවිසුම් සඳහා ද යොමුවිය යුතු බව ඒ මහතා කියා සිටියේය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button