සැමන් කෑමෙන් වලකින්න – නරක් වූ සැමන් තොගයක් රේගුවෙන් පැන්නීමේ උත්සාහයක්

ක්ෂුද්‍ර ජීවීන් හමුවීම මත වරායේ රඳවාගෙන තිබෙන ආනයනික ටින් මාළු බහාලුම් 90ක් රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා ටින් මාළු (සැමන්) ආනයනකරුවන් උත්සාහ ගනිමින් සිටින බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.
රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතාගෙන් මේ පිළිබඳ කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ එම ආනයනකරුවන් විසින් ඒවායේ සාම්පල් නැවත පරීක්ෂා කරන ලෙස ඉල්ලා සිටින බවයි.
ටින් මාළු තොග නිදහස් කර ගැනීම සඳහා තත්ත්ව පාලක දෙපාර්තමේන්තුව අවසර දී ඇති නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ අනවශ්‍ය බවට එම ආනයනකරුවන් සඳහන් කර සිටියි.
එම ටින් මාළු චිලී රාජ්‍යය ඇතුළු රටවල් කිහිපයකින් ආනයනය කර ඇති අතර එහි ක්ෂුද්‍ර ජීවීන් හමුවී ඇති නිසා එම ටින් මාළු තොග සහිත බහලුම් මුදා හැරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙතෙක් අවසර දී නොමැත.
එහෙත් එම ටින් මාළු බහාලුම් එම රටවලට ආපසු නොයවා ඒවා මෙරට වෙළෙඳපොළට නිකුත් කිරීමට ආනයනකරුවන් දැඩි උත්සාහයක් ගනිමින් සිටින බවද වාර්තා වේ.
ඒ හේතුවෙන් මෙම ආනයනික ටින් මාළු තොගය වෙළදපොළට නිකුත් වීමේ අවදානමක් මතුව තිබේ. එම හේතුවෙන් ටික දිනක් ගතවන තුරු සැමන් පාරිභෝජනය නොකර සිටීම වඩා යහපත් වන බවද රේගු හා සෞඛ්‍ය බලධාරීන් වාර්තා කරයි.
මවුබිම ඇසුරෙනි