BREAKING NEWSEXCLUSIVEPOLITICS

මෛත්‍රීපාල පක්ෂයෙන් පන්නා දමන්න. – චන්ද්‍රිකා පාක්ෂිකයින්ගෙන් ඉල්ලයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතුවීමේ වරදට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂයෙන් පන්නා දැමිය යුතු බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

එය සත්‍ය සහ හදවතින්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් විසින් සිදුකල යුතු බව ඇය සදහන් කලා.

මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන දෙදෙනා තමා හැදූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ බවද ඇය සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වන හෙයින්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කිසිවිටකත් එකතු නොවන්නැයි තමා වසර දෙකක් තිස්සේ  කළ ඉල්ලීමට මෛත්‍රිපාල සිරිසේන මහතා ඇහුම්කන් නොදුන් බවත් එම ඉල්ලීම නිසා තමන් පක්ෂයේ දේශපාලන මණ්ඩලයෙන් සහ සංවිධායක ධුරයෙන් ඉවත් කළ බවත් කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කලා.

තමා අවුරුදු දෙකක් තිස්සේ පැවසූ දේ දැන් මෛත්‍රීපාල සිරිසේන කියාගෙන යන්නේ යැයිද හිටපු ජනාධිපතිවරිය, යුද්ධයක් පැවති කාලයක පවා  රටේ ආර්ථිකය තමා නිවැරදිව  සකස් කළ බව පැවසූ කුමාරතුංග මහත්මිය අද රට යන දිහා බැලුවම අඬන්නද හිනාවෙන්නද කියා  සිතාගත නොහැකි බවද සඳහන් කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button