BREAKING NEWSEXCLUSIVE

සංචාරකයන් තැලූ සුරා බදු නිළධාරීන්ට වැඩ වරදියි – මුදල් ඇමතිගෙන් නියෝග

පසුගියදා ඇල්ල සංචාරක කලාපයේ අවන්හල් සුරාබදු දෙපාර්තමේන්තුව වැටලීමට ලක්ව තිබුණා.සංචාරකයන්ද ව්‍යාපාරිකයන් ද අපහසුතාවයට පත්කරමින් මේ වැටලීම සිදුකර තිබූ අතර මේ පිළිබඳව දැනුවත්වූ මුදල් ඇමතිතුමා මේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙස සුරාබදු කොමකොමසාරිස්වරයා වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව ඊයේ (25) ඇල්ල හෝටල් හිමියන් මුණගැසී ඒ පිළිබඳව සාකච්චාවක් පැවැත්වූ අතර හොටෙල් හිමියන් යල් පැනගිය සුරාබදු නීතියේ ඇති ගැටළු නිසා බලපත්‍ර ලබාගැනීමේ නොහැකියාව , විවෘත කිරීමේ කාලය වැනි කරනා අවධාරණය කරන ලදී. සංචාරක ව්‍යාපාරයට ගැලපෙන යාවත්කාලින බලපත්‍ ක්‍රමයක් නොමැතිකමින් වසරකට ඩොලර් බිලියන 3ක් පමණ ආදායමක් උපයන හෝටල් හිමියන් ඇතුළු සංචාරක ව්‍යාපාරයේ නියැලෙන පිරිස් ලක්වන අපහසුතාවය පිළිබඳව දිගින්දිගටම කරුණු දක්වන ලදී.

එහිදී, සුරාබදු බලපත්‍ර ලබාගැනීමේ ක්‍රමවේදය පහසු කරන බවටත්, නව බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කරන බවත් සුරාබදු කොමසාරිස් තුමා දැනුම් දෙනු ලැබිය.

කරුණු දැක්වූ හෝටල් හිමියන් පැවසුවේ රජයට ප්‍රධානතම විදේශ විනිමය උපයන මාර්ගයක් වන කොවිඩ් වසංගතය නිසා දැඩි පසුබෑමකට ලක්ව ඇති සංචාරක කර්මාන්තය නාගා සිටුවීම සඳහා අවශ්‍ය විශේෂ බලපත්‍ර ක්‍රමයක් ලබාදීම තුල ලංකාව පුරා විසිරි ඇති ආයතන 5000 පමණ තම ව්‍යාපාර කටයුතු තවදුරටත් වර්දනය කරගත හැකි බවයි.

මත්පැන් නියාමන ආයතනය වන සුරාබදු දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යතුමා දැනුවත්කිරීම හරහා නව බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදෙනු ඇතිබවට අපේක්ෂා කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button