උසස් පෙළ – 5 ශිෂ්‍යයත්ව විභාග කල් යෑමේ ඉඩක්!

කොරෝනා වසංගත තත්ත්වය යටතේ එළඹෙන අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය හා 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය කල් දැමීමට සිදු වනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් මාසය දක්වා කල් යනු ඇතැයි එම ආරංචි මාර්ග වාර්තා කරයි.
විභාග දෙපාර්තමේන්තුව විසින් පැවැත්විය යුතු විභාග 9ක් මේ වන විට දින නියමයක් නොමැතිව කල් දමා ඇති අතර ඒ විභාග අතුරින් රාජ්‍ය භාෂා ප්රවීනතා විභාගය, දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය, පරිපාලන සේවයේ 2වන කඩඉම් පරීක්ෂණ විභාගය හ ශ්‍රී ලංකා මහ බැංකුවට කළමනාකරණ සහායකයින් බඳවා ගැනීමේ තරග විභාගය යන විභාග අපේක්ෂකයන් දහස් ගණනක් පෙනී සිටින විභාගයන් වන හෙයින් එම විභාග සඳහා මාස කිහිපයක් වෙන් කළ යුතු බව ද දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙයි.
කෙසේ වෙතත් ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධව මේ වන තෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද වාර්තා වේ.