පාස්කු බෝම්බ සිද්දියේදී අසාද් සාලි පරීක්ෂණවලට දැඩි බලපෑම් කල බවට සාක්ෂි සොයාගැනේ

හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතාගෙන් රහස් පොලිසිය විසින් පැය හතරකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ඔහුගෙන් ප්‍රකාශයක් ගෙන ඇත්තේ පාස්කු ඉරිදා දිනය මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙනි.
මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීම පිළිබඳව සිදුකරගෙන ගිය පරීක්ෂණ වලට අදාළවද තමාගෙන් ප්‍රකාශ කර සටහන් කර ගත් බව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය.
පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වූ කාලයේ දී සිරිවර්ධන මහතා කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රාජකාරි කළේය.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙය වූයේ තමන් යටතේ පැවති පොලිස් කණ්ඩායමක් යැයිද පවසා ඇති ඔහු එවකට බස්නාහිර ආණ්ඩුකාර ලෙස කටයුතු කළ අසාත් සාලි මහතා විසින් පොලිස් පරීක්ෂණ වලටද දැඩි බලපෑමක් එල්ල කළ බවද සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු තමා පොලිසිය වෙත ලබා දුන් ප්‍රකාශයේ සදහන් කල බවද ඔහු කියා සිටියේය.