BREAKING NEWSEXCLUSIVEPOLITICS

බැසිල්ට IMF යන්න දේශපාලන භේදයකින් තොරව සියළු දෙනා උදව් කල යුතුයි – රනිල්

රටේ පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩපිළිවෙලකට යාමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දරන උත්සාහයට කිසිසේත්ම බාධා නොකළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවනවා.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කර තිබුණේ පසුගිය 29 වනදා පුත්තලම ප්‍රදේශයේ පැවති දේශපාලන සාකච්ඡාවකට එක්වෙමිනි.

වත්මන් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සියලු දේශපාලන පක්ෂ එක්ව ජාතික ප්‍රතිපත්ති රාමුවක් ගොඩනැඟීමේ අවශ්‍යතාවය ද හිටපු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇති බව වාර්තා වනවා.

රට මෙවැනි ආර්ථික අර්බුදයකට මුහුණ පෑ අවස්ථා තුනකදී, එනම් 1989, 2001 සහ 2015 දී තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර රටට කිසිදු අවාසියක් නොවන කොන්දේසි යටතේ ආධාර ලබාගත් බව සිහිපත් කර ඇති වික්‍රමසිංහ මහතා රට යළි ගොඩගැනීම සඳහා දීර්ඝ කාලීන සැලැස්මක අවශ්‍යතාවය ද අවධාරණය කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button