BREAKING NEWSEXCLUSIVE

නොවැම්බර් අවසානයට පෙර අවු:18 න් ඉහළ සැවොම එන්නත්කරණයට

එලැබෙන නොවැම්බර් මස අවසානයට පෙර මෙරට වයස අවුරුදු 18 න් ඉහළ සියලු පුරවැසියන් පූර්ණ එන්නත්කරණයට ලක්කිරීමට හැකි වන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනාවා.

අද(26) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් ගරීඩෝ මහතා හමුවූ අවස්ථාවේදී යි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

සැප්තැම්බර් මැද වන විට අවුරුදු 30 වැඩි සියලු පුරවැසියන්ගේ එන්නත්කරණය අවසන් කිරීමට සැලැසුම් කර ඇති බවද මෙරටපුරවැසියන් පූර්ණ එන්නත්කරණයකින් පසු තුන්වන එන්නතක් පිළිබඳවද අවධානය යොමු කෙරෙන බවද සෞඛ්‍ය අමාත්‍යවරයාමෙහිදී කියුබානු තානාපතිවරයාට කියා සිටියා..

ලොව ඉතා ඉහළ මට්ටමක පවතින කියුබානු සෞඛ්‍ය සේවාවේ අත්දැකීම්,දැනුම සහ තාක්ෂණය මෙරටට ලබාදීමේ හුවමාරුවැඩසටහනක් සදහාද අවස්ථාව ලබා දෙන ලෙස අමාත්‍යවරයා තානාපතිවරයාගෙන් මෙහිදී ඉල්ලා සිටියා.

ඊට අමතරව එන්නත්කරණයෙන් පමණක් ගෝලීය ව්‍යසනය මැඩලීම කළ නොහැකි බවත් සඳහා නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශඋපරිමයෙන් පිළිපැදීම අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා හා තානාපතිවරයා අතර අදහස් වලින් කියැවුනා.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා එක් සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button