BREAKING NEWSEXCLUSIVE

ලෝක ආර්ථිකය යළි පන ගන්වමින් සූවස් ඇළ අවහිර කර තිබූ Ever-Given නෞකාව මුදා ගැනේ

පසුගිය සතියේ සිට දින 06 ක කාලයක් පුරාවට සුවස් ඇලේ සිරවී තිබු EverGiven බහාලුම් ප්‍රවාහන නෞකාව මිට සුළු මොහොතකට පෙර මුදා ගැනීමට සහන කණ්ඩායම් සමත්වූ බව එම නෞකාව අයත් සමාගම ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටිනවා.

MV EverGiven නම් නෞකාව ඉකුත් අඟහරුවාදා සුවස් ඇලේ සිරවීම හේතුවෙන් ලොවපුරා නෞකා ගමනාගමනයෙන් සීයයට 30ක අධික ප්‍රමාණයක් ඇන හිටිනු ලැබුවා. නැව මුදා ගැනීමේ මෙහෙයුමේ නිරත සහන සේවකයින් සඳහන් කලේ ඊයේ දිනයේදී නෞකාව සිරවී තිබෙන ස්ථානයෙන් මිටර් 30ක ප්‍රමාණයක් හෙවත් අඩි 100ක් චලනය කිරීමට සමත් වූ බවයි. සිරවී තිබෙන MV Ever Given නම් මෙම නෞකාවේ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා විශාල ටග්යාත්‍රා දෙකක්ද ඇතුළු යාත්‍රා 12ක් සම්බන්ධවී තිබුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button