GOSSIP NEWSVIRAL NEWS

“දේශපාලනය අමතක කර රට වෙනුවෙන් එක්වෙමු, දැන් ඡන්දය අදාලම නෑ” විපක්ෂයෙන් ප්‍රකාශයක්!

උද්ගත වී ඇති තත්වය හමුවේ දේශපාලනය අමතක කොට සෑම පක්ෂයක්ම රට වෙනුවෙන් එකතු විය යුතු බව හෝමාගම එජාප ප්‍රධාන සංවිධායක එරන්ද වැලිඅංගේ මහතා පවසනවා.

ඊයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ අදහස් පළ කලා.

ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ ජන්දය අමතක කොට මේ අවස්ථාවේදී සියලු දෙනා රට වෙනුවෙන් එකතු වී ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් තීරණ ගත යුතු බවයි.

“අපි හැමෝටම ඕනේ රටට සේවයක් කරන්න.ජනතාවට යහපතක් කරන්න. ඉතිං මේ වෙලාවෙ අපේ රට මුහුණ දීලා තියෙන්නෙ අවධානම් සහගත තත්වයකට. මේ වෙලාවෙත් අපි පක්ෂ පාට බෙදාගෙන ජන්දයක් වෙනුවෙන් ගහ මරාගන්නවනම් අපේ මේ දේශපාලනය මොකක්ද කියලා අපි ආපහු පාරක් හැරිලා බලන්න ඕනේ.”

“ජන්දයක් වෙනුවෙන් ජනතාව එකතු කරන එක,ඒ අයව එළිමහනට කැඳවන එක අවධානම් වැඩක්.මොකද මේ හැම දේටම වැඩිය අපිට වටින්නේ අපේ ජනතාව. ඒ නිසා මේ වෙලාවේ මම කැමතියි බලධාරීන්ගෙන් ඉල්ලන්න මැතිවරණ කටයුතු අමතක කරලා අපි හැම දෙනාම එකට එකතු වෙමු. අපිට කල හැකි හැම දේම රට වෙනුවෙන් කරන්න පක්ෂයක් විදිහට අපි සූදානම්”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button