නව සන්ධානයට හොරුන් දූෂිතයන් එක් කර නොගන්නැයි එරන්ද වැලිඅංගේ සජිත්ගෙන් ඉල්ලයි

එක්සත් ජාතික පක්ෂයෙන් ඈත් වු තරුණ ප්‍රජාව යළි පක්ෂයට එක් කර ගැනීමේ වැඩසටහනක් අවශ්‍ය බව හෝමාගම එක්සත් ජාතික පක්ෂ සංවිධායක එරන්ද වැලිඅංගේ මහතා පවසනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගමදී පසුගියදා පැවති “අලුත් පැතුමක් -අලුත් ගමනක් ” සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කලා.
මේ වන විට හැටනව ලක්ෂයක ජනතාවගෙන් බහුතරයද තමන් රැවටුනු බව අවබෝධ කරගෙන ඇතැයි පැවසූ ඔහු සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටිනුයේ පසුගිය කාලයේදී විවිධ හේතු නිසා පක්ෂයෙන් ඉවත් වූ තරුණ පරපුර යළිත් පක්ෂයට එකතු කරගැනීමට වැඩපිලිවෙලක් සකසා දෙන ලෙසටයි.
තමන් ඇතුලු තරුණ දේශපාලකයින් ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට සූදානම් බවත් හෝමාගම එජාප සංවිධායකවරයා එහිදී කියා සිටියා.
බලයට පත්ව වසර පහක් වැනි කෙටි කාලයක් ඇතුලත එජාපයට පරාජයට පත් වීමට සිදුවූයේ පුද්ගලයින් කිහිප දෙනෙකු නිසා බවද සිහිපත් කල ඔහු එහිදී ඉල්ලා සිටියේ ගොඩ නැඟෙන නව සන්ධානය අශුද්ධ සන්ධානයක් බවට පත්වීමට කිසිම ඉඩක් නොතබන ලෙසටයි.
බැඳුම්කර වංචාවට සම්බන්ධ හෝ වෙනයම් දූෂිත ක්‍රියා මාර්ගයන්ට කිසිසේත්ම සම්බන්ධ පුද්ගලයින් හවුල් කරනොගෙන රටට සහ ජනතාවට ආදරය කරන පිරිස් පමණක් නව බලවේගය වටා ඒකරාශී කරගන්නා ලෙසටද වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළා.
මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,හිටපු අමාත්‍ය චම්පික රණවක,මනෝ ගනේෂන් යන මන්ත්‍රීවරුන්ද එක්ව සිටියා.