“උපුල් කපපු එක වැරදියි, මුදලාලිලාගෙන් ක්‍රිකට් රැකගන්න” – එරන්ද වැලිඅංගේ

ජනහමුවක් අමතමින් ඒ මහතා සඳහන් කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ වැරදි වහා නිවැරදි කළ යුතු බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“මේ රටේ මිනිස්සුන්ට සතුටු වෙන්න, ජාත්‍යන්තර ගෞරවයක් ගේන්න තිබුනේ ක්‍රිකට් ක්‍රීඩාව විතරයි. දැන් බලන්න ක්‍රිකට් ක්‍රීඩාවට වෙලා තියෙන දේ. එක්තරා කල්ලියක් ක්‍රිකට් ක්‍රීඩාව සින්නක්කර අයිතිකරගෙන විනාශ කරමින් ඉන්නවා.
පුහුණුකරුවො, කාර්ය මණ්ඩල විතරක් නෙවෙයි ක්‍රීඩකයෝ පවා තෝරන්නේ මේ ක්‍රිකට් මුදලාලිලාගේ නිර්නායක වලට.. සැබෑ දක්ෂයො කැපිලා අවස්තාව හිමි වන්නේ තෝරාගත් විශේෂ පිරිසකට. අපි අද ලෝකේ යටටම වැටිලා ක්‍රිකට් වලින්.
ආසන්නම උදාහරණ දෙකක් කියන්නම්.. පහුගියදා පැවතිච්ච යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ලෝකයෙම 10. බංග්ලාදේශය ලෝක ශූරයො වෙද්දි, ඇෆ්ගණිස්ථානය හොදම අට අතරට යද්දි අපි ලෝකයෙන්ම 10. මේ දක්ෂ යොවුන් ක්‍රීඩකයො නැතුවද අපිට.
එතකොට අද බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ සංචිතය නම් කළා. පුහුණු තරගයේ සීයක් ලබා ගනිපු උපුල් තරංග සංචිතයේ තබා දෙවෙනි පුහුණු තරගයේවත් නෑ..
මේවා අහඹු සිදුවීම් කියලා හිතන්න බෑ. ක්‍රිකට් කියන්නේ ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ගේ නිල නොවන ජාතික ක්‍රීඩාව. මේ මුදලාලිලාට එරෙහිව ආණ්ඩුව වහාම ක්‍රියාත්මක විය යුතුයි. ඒ සඳහා ඕන සහයක් අපි විපක්ෂය විදියට ලබා දෙනවා.” යනුවෙන් පැවසූවා.