BREAKING NEWSEXCLUSIVEPOLITICS

පොහොර ගැටලුව ගැන පරිසර ඇමතිත් කතා කරයි

රට තුල පවතින පොහොර හිඟය මුල් කර ගනිමින් අදත් දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වුණා.

උද්ගතව ඇති පොහොර හිඟයට විසඳුම් ඉල්ලා සමගි ජනබලවේගය නොච්චියාගම ප්‍රදේශයේ සංවිධානය කළ උද්ඝෝෂණයක් සඳහා ගොවි සමිති 12 ක නියෝජිතයින් එක්ව සිටියා.

කාබනික හා ස්වභාවික පොහොර නිෂ්පාදනය හා භාවිතයේ වැදගත්කම පිළිබඳව ජාතික මට්ටමින් ගොවීන් සහ ජනතාව මාධ්‍ය ඔස්සේ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

පොහොර ගැටලුව සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ද මාධ්‍ය වෙත අදහස් පළ කළා.

එහිදී ඔහු කියා සිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවිජනතාවට මෙම කන්නයේදී පොහොර නොමැතිවීමක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටීමට තමන් පසුබවට නොවන බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button