GOSSIP NEWSVIRAL NEWS

නවකවදයට විරෝධය පා මෙරට ඉහළම ව්‍යවසායක ප්‍රධානීන් රැසක් ජපුර සරසවිය වර්ජනය කරයි

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක නවකවදය අතරතුර නවක සිසුවෙකු ඉලක්ක කර ජ්‍යේෂ්ඨ සිසුවන් පිරිසක් එවූ ටයරයක ගැටී පසිඳු හිරුෂාන් නම් නවක සිසුවෙකු රෝහල් ගත කර සිටියි.

මෙම සිදුවීමට විරෝධය පා මෙරට ප්‍රමුඛ සමාජ ව්‍යවසායකයන් රැසක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විවිධ අංග සඳහා සම්පත් දායකයන් ලෙස දායකත්වය දැක්වීම නවතා දැමීමට තීරණය කර තිබේ.

මේ සඳහා මූලිකත්වය ගෙන තිබුනේ වේගා ඉනොවේෂන්ස් ආයතනයේ ප්‍රධාන විධායක බේෂාන් කුරුපාලයි. ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා පවසා තිබුනේ පසිඳු හිරුෂාන්ට නවකවදය ලබා දුන් සිසුන් විශ්වවිද්‍යාලයෙන් ඉවත් නොකළහොත් තමන් තවදුරටත් ජපුර විශ්වවිද්‍යාලයේ කිසිඳු උත්සවයකට සහභාගී නොවන බවයි.

ඉන්පසු ව්‍යවසායකයන්, තාක්ෂණික ක්ෂේත්‍රයේ දැවැන්තයන් ඇතුලු කිහිපදෙනෙකු එම ක්‍රියාව සඳහා එක්ව තිබුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button