ENTERTAINMENT

මේ දිනවල නිවාඩුවට ගෙදර ඉදන් කියවන්න සුදුසුම පොත්!

පැතිරෙමින් පවතින කොරෝනා රෝගය හේතුවෙන් මේ දිනවල ඔබ නිවසටම වී සිටීම වැදගත්. එලෙස සිටිනා අතරතුර කාලය ප්‍රයෝජනවත් ලෙස ගත කිරීමට ඉතා අගනා විනෝදාංශයක් පොත් කියවීම. එලෙසට  ඔබට කියවිය හැකි පොත් ශානර වර්ග කිහිපයක් පහතින්,

1) රහස් පරීක්ෂණ කතා

රහස් පරීක්ෂණ කතා යනු බොහෝ දෙනෙකු කියවන්න ප්‍රිය කරනා, ඉතා කුතුහලයෙන් කියවිය හැකි පොත් ශානරයක්. විශේෂයෙන්ම ශර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂණ කතා සිංහලයට පරිවර්ථනය කළ චන්දන මෙන්ඩිස් මහතාගේ පොත් එකතුව ඉතා රසවත් එකතුවක් යැයි කිවහැක.

2) ඉවුම් පිහුම්

නිවාඩු දවස් වල බොහො දෙනා මින්පෙර නොසෑදු ආහාර සෑදීමටත්, රසවිඳීමටත් හුරුව සිටිනවා. ඒ සඳහා ඉවුම් පිහුම් පොත් බොහෝ උපකාරී වේවි.

3) නවකතා

මේ නිවාඩුව නිවසට වී සිටින ඔබට කම්මැලිකමක් නැතුව කාලය ගත කරන්න කියවිය යුතුම ශානරයක් තමයි නවකතා. විවිධ පරිවර්ථන හා රසවත් නවකතා සමග ඔබට කාලය ගත කිරීම සුන්දර අත්දැකීමක් වේවි.

4) පෞරුෂ වර්ධන පොත්

ජීවිතයට ඉගෙනීමට ඇති දේ බොහෝමයි. කියවීමෙන් සම්පූර්ණ වීමට නම් ඔබ තෝරාගත යුතුම පොත් වර්ගයක් තමයි පෞරුෂ වර්ධන පොත්. එවැනි පොත් ඔබව නව මානයකට විවෘත කරාවි. එවන් පොත් ඔබව වඩා උසස් පුද්ගලයෙකු කරාවි.

5) චරිතාපදාන

ලෝකය දිනු විවිධ ක්ෂේත්‍ර වල පුද්ගලයන්ගේ ජීවිත කතා අලලා ලියවුනු චරිතාපදාන ඕනෑ තරම්.. එවන් චරිතාපදාන ඇසුරු කිරීමෙන් ඔබේ ජීවිතයට ගත හැකි දේවල් ඕනෑ තරම් තිබේවි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button