ENTERTAINMENT

මේ දිනවල නිවාඩුවට ගෙදර ඉදන් බලන්න චිත්‍රපට පහක්!

පැතිරෙමින් පවතින කොරෝනා රෝගය හේතුවෙන් මේ දිනවල ඔබ නිවසටම වී සිටීම වැදගත්. එලෙස සිටිනා අතරතුර ඔබට නැරඹිය හැකි චිත්‍රපට කිහිපයක් පහතින්,

1) The Shawshank Redemption

අන්තර්ජාතික චිත්‍රපට වර්ගීකරණය වන IMDB හී 9.3ක වර්ගීකරණයක් ලබා ගත් මේ අපූරු චිත්‍රපටය ලොව හොදම චිත්‍රපටයක් ලෙසින් හැඳින්වෙනවා. සිරමැදිරයකින් පැන යාම ගැන පෙන්වන මෙම අපූරු චිත්‍රපටය ඔබ මෙතෙක් නරඹා නැතිනම් නැරඹිය යුතුම චිත්‍රපටයක්.

2) The Prestige

විශිෂ්ඨ සිනමා අධ්‍යක්ෂක ක්‍රිස්ටෝපර් නෝලන්ගේ චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටයට හියූ ජැක්මන් සහ ක්‍රිස්ටියන් බේල් රංගනයෙන් දායක වනවා. අවසන් මොහොත දක්වා ප්‍රේක්ෂකයා කුතුහලයෙන් තබාගත හැකි චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටයත් ඔබ නැරඹිය යුතුමයි.

3) Inception

ඔස්කාර් සම්මාන දිනූ රංගන ශිල්පී ලියෙනාඩො ඩිකැප්‍රියො රංගනයෙන් දායක වන Inception සිනමා පටයත් ක්‍රිස්ටෝපර් නෝලන්ගේ නිර්මාණයක්. විද්‍යාත්මක ප්‍රබන්ධයක් වටා ගෙති ඇති මෙම නිර්මාණයත් නැරඹිය යුතුම චිත්‍රපටයක්.

4) Inside Man

බැංකු හොරකමක් වටා ගෙති ඇති මෙම සිනමා නිර්මාණයත් අවසන් මොහොත දක්වා ප්‍රේක්ෂකයන් කුතුහලයෙන් තබා ගැනීමට සමත් සිනමා නිර්මාණයක්. IMDB හි 7.6ක ඉහළ අගයක් ලබා ගත් මෙම සිනමා පටයට ඩෙන්සිල් වොෂිංටන් රංගනයෙන් දායක වෙනවා.

5) The Usual Suspects

අපරාධකරුවන් පස්දෙනෙකු එක්වී සිදුකළ අපරාධයක සුල මුල අනාවරණය කර ගැනීමට උත්සාහ දරනා පොලිස් නිළධාරියෙකු සහ එහි සිදුවීම් වටා ගෙති ඇති මෙම නිර්මාණය, එම ශානරයේ චිත්‍රපට අතර ලොව හොදම චිත්‍රපටයක් ලෙස කියවෙනවා. එහි IMDB අගය 8.5ක්.

මෙම චිත්‍රපට සියල්ල ඔබට අන්තර්ජාලය ඔස්සේ නොමිලේම බාගත කරගැනීමේ හැකියාවද පවති.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button