ENTERTAINMENT

එක රැයකට ඩොලර් දා හත් දාහයි – රිආනා ෆෙන්ටි

තමන්ට උරුමයක්, අයිතියක් නැති, නොදන්න මිනිස්සු ඉන්න රටකට ඔබේ දෛවය ඔබව ගෙනල්ලා දානවා. එයා කියනවා  “හරි කෙල්ලේ, දැන් උඹ ජීවිතේ බින්දුවෙන් පටන් ගනින්” කියලා. මුලින්ම ඔබ බය වෙනවා. පළමුවැනි පියවර තියන්න දහ අතේ කල්පනා කරනවා. එහෙම නේද? හැබැයි එක අඩියක්වත් ඉදිරියට නොතිබ්බොත් ඔබට වෙන්නෙ බඩගින්නේ මැරෙන්න. මානසිකව වැටෙන්න. ඉතින්, 

පළමුවැනි පියවර තියන්නම ඕනේ. මේ වෙලාවෙ හීන ඔංචිල්ලාව පදින්න මම ඔබට යෝජනා කරන්නේ අන්න එහෙම කරපු කෙනෙක්ගෙ පැත්තට. මායාවෙන් යථාර්ථය හොයාගෙන ගිය කෙල්ලෙක් ළඟට.

1988 පෙබරවාරි 20 වැනිදා බාර්බඩෝස් කියන දූපතේ ශාන්ත මයිකල්හි මල්ලිලා ෆෙන්ටි පවුලේ පළමු වැනි දරුවා විධියට උපදින්නෙ කෙල්ලෙක්. මේ කෙල්ල තමන්ගේ තාත්තා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සහ බීමත්කම නිසා ෆෙන්ටි පවුලට උදා වුණ නරක කාලයෙන් හොඳට බැට කාලා, අවුරුදු 14දී  මවුපියන් දික්කසාද වීම නිසා මානසිකව වැටිලා ඉන්න වෙලාවක කාත් කවුරුවත් නැති බිමක කෙළින් හිට ගන්න දෛවයේ නියමයට හිස නමනවා. රොබින් රිආනා ෆෙන්ටිව අපි හැමෝම දන්නේ රිආනා කියන නමින්. මේ වෙද්දි ඇයට වයස අවුරුදු 32යි.  ඇය 2018 දී ඩොලර් මිලියන 210ක් වූ තමන්ගේ වත්කම 2019 වසර වෙනකොට අමෙරිකානු ඩොලර් මිලියන 600ක් දක්වා වැඩි කරගැනීමට සමත් වෙලා තියෙනවා. ඒ 2016 ඉඳලා මේ වෙනතුරු එකම ගීතයක් හෝ අලුතින් එළි දක්වන්නෙ නැතිව කිව්වොත් ඔබට හිතා ගන්න පුළුවන්ද?

හැබැයි 2019 දි ෆෝබ්ස් සඟරාව ලෝකයේ බලවත්ම කාන්තාවන් සිය දෙනා අතරට මේ බාබඩෝස් කෙල්ලව නම් කරනවා. ඇය ලෝකයේ ධනවත්ම ගායිකාව වගේම වැඩිම මුදලක් අය කරන ගායන ශිල්පිනිය විධියට තමන්ගේ සලකුණ තබා අවසන්. ඉතින් ඇය කොහොමද මේ සා මුදල් සම්භාරයක් තමන් සතු කර ගත්තේ? තමන්ගේ ගීත ලෝකයටම බෙදා හරින ලෝක සවාරි, ප්‍රසංග සඳහා අනුග්‍රහය දැක්වීම්, විවිධ සන්නාමයන් ප්‍රවර්ධනය කිරීම් වගේම තමන්ගේම ව්‍යාපාර ඔස්සේ ඇය අනෙක් සියල්ලන් අභිභවන්නට සමත් වෙලා තිබෙනවා. ඉතින්, ඩොලර් මිලියන 600ක් එක්ක මේ දූපත් කෙල්ල මොනවද කරන්නේ කියලා අපි බලමු.

එක රැයකට ඩොලර් 17,000 යි

රිආනා තමන්ගේ මිතුරු මිතුරියන් එක්ක රාත්‍රි විනෝද සවාරියේ යෙදෙන්න ඉතාම ප්‍රිය කරන්නියක්. Strip Clubbing වලට ඇය හුඟක්ම කැමැතියි. පසුගිය දවසක මියාමි හි Strip Club එකක පැය කිහිපයක් ගත කරන්න ඇය ඩොලර් 8,000ක් වැය කරලා තිබුණා. ඒ විතරක් නෙවෙයි ඇයගේ දීර්ඝ කාලීන මිතුරෙක් වන රැප් ගායක Drake එක්ක හූස්ටන් Strip Club එකක විනෝද වෙන්න ඇය වියදම් කරපු මුදල ඩොලර් 17,000ක්. ඒ එක රැයකට. පැය කිහිපයකට.

Hanging out in tattoo Shops

දැන් තමයි රසවත්ම කාරණාවට එන්නේ. රිආනා කියන්නේ අසීමාන්තිකව tattoo වලට ආදරේ කරන කෙනෙක්. අතේ තියෙන Tribas Design  එක, එතකොට ඇයගෙ එක් ඇඟිල්ලක තිබෙන Shhh  අකුරු,  තුවක්කුවක tattoo  එක වගේම ඊජිප්තු දෙවඟනක වන Isis ගේ රුවද  විශේෂයි. මේ කියපුවාට අමතරව රිආනාගේ ශරීරයේ ඊචබබධධ 25ක් පමණ තියෙනවා. මේ ගැන අහනකොට රිආනා කියන්නෙ මෙහෙම දෙයක්…

“I like hanging out in tattoo shops ”

Fenty Beauty

සල්ලි ගොඩක් තියෙන කෙනෙක් ඒ සල්ලිවලට මොනවා කරනවා ඇතිද කියලා හිතෙනවා නේද? රිආනා වගේ බොහෝම ධනවත් තරුණ කෙල්ලෙක්ට තව මොනවද කරන්න බැරි. නමුත් විචාරකයන් කියන විධියට ඇය තමන්ගේ මුදල් ඉතාම නුවණක්කාර විධියට ආයෝජනය කරන කෙනෙක්. දවසක තමන්ගෙ සංගීත දිවියම එක රැයකදි නැති වෙලා ගියත් ඇයට බය වෙන්න දෙයක්් නැහැ. මොකද තමන්ගේම කියලා ව්‍යාපාරයක් ඇයට තියෙනවා. ඒ තමයි ‘Fenty Beauty’. 2017 සැප්තැම්බර් මාසයේදි රියානා ඇයටම කියලා රූපලාවණ්‍ය නිෂ්පාදන ආයතනයක් ආරම්භ කරනවා.

නිෂ්පාදනවල සුවිශේෂී බව නිසාම පළමු සති කිහිපය තුළ ඩොලර් මිලියන 100ක ලාභයක් ලබපු  Fenty, 2019 වසර වන විට ඩොලර් මිලියන 570ක ලාභයක් ලබන්නට සමත් වෙනවා. ඉතින්, හිතන්නකෝ ටයිම් සඟරාව වසරේ හොඳම නිෂ්පාදන 25ට Fenty Beauty ඇතුළත් කිරීම සාධාරණ නැද්ද කියලා.  මේ වෙද්දි  Fenty සන්නාමය යටතේ කාන්තා ඇ¾දුම්, යට ඇ¾දුම් ඇතුළු නිෂ්පාදන රැසක් ලොව පුරා අලෙවි වෙනවා.

කකුල් ඩොලර් මිලියනයයි

2007 දි Gillete සමාගම රිආනාගේ කකුල් ඩොලර් මිලියනයකට රක්ෂණය කරනවා. ඒ ගැන ගාඩියන්ස් පුවත්පත සමඟ සාකච්ඡාවකදි ඇය මෙහෙම කියනවා.

 “මිනිස්සු තමන්ගෙ කකුල් ඩොලර් මිලියන ගණනින් රක්ෂණය කරනවාද? මම, මම ගැනම හිතන්නෙ හරිම සාමාන්‍ය කෙනෙක් විධියට. ඒ සල්ලි මගේ නම්, මම ඔය රක්ෂණය කරපු දෙපා පෙනෙන ඇ¾දුම් විතරක් ඇඳගෙන ජීවිත කාලෙම ඉන්නවා.”

රිආනා මෙක්සිකානු, චීන, ජපන් සහ ඉන්දියානු කෑමවලට අකැමැති කෙනෙක්. හැබැයි තක්කාලි සෝස් එක්ක ස්පාගති කන්න නම් ඇය බොහෝම කැමතියි කියලයි කියන්නේ.

එක එක කොල්ලෝ

මෙච්චර දේවල් කිව්වා ඕනෙම දේ කිව්වෙ නැහැනෙ කියලා ඔබට හිතෙනවා ඇති. ඔව්! රිහානාට පෙම්වතුන් ගණනාවක්ම ඉඳලා තිබෙනවා. සුප්‍රකට බේස් බෝල් ක්‍රීඩක මැට් කෙම්ප්, රැප් ගායක ඩේ‍රක්, ට්‍රැවිස් ස්කොට්, ක්‍රිස් බ්‍රවුන් රිආනාගේ පෙම්වතුන්. කාගෙත් සිහින කුමාරයා ලියනාඩෝ ඩිකැප්‍රියෝ එක්කත් ඇය හාද වෙලා හිටියා කියන අනුමානය තිබුණත් ඒ ගැන දෙදෙනාම මාධ්‍යයට කිසිවක් කියලා නැහැ. මේ වෙද්දි ඇගේ පෙම්වතා වෙන්නෙ සෞදි ව්‍යාපාරිකයෙක් වන හසන් ජමීල්.

 “මගෙ පුංචි කාලේ මට කිසි දෙයක් කරගන්න හැකියාවක් තිබුණේ නැහැ. ඉස්කෝලෙ යන්න මට ගෙදරින් ලැබුණ සල්ලි සේරම එකතු කරලා Dior සපත්තු දෙකක් ගන්න ඕනෙ වුණත් මට ගන්න පුළුවන් වුණේ Timberlands සපත්තු දෙකක්. ඒක තමයි මගේ Dior සපත්තු දෙක වුණේ.”

එදා ආසා දේ ගන්න සල්ලි නොතිබුණ බාර්බඩෝස් කෙල්ල අද ලෝකෙ පොහොසත්ම ගායිකාව වෙලා. ඇය උපන් බාර්බඩෝස් රාජ්‍යය ඇගේ නමින් දිනයක් වෙන් කරලා වාර්ෂිකව ඇයට ගරුත්වය පුද කරනවා. ඒ වගේම, ග්‍රැමි සම්මාන 8ක්, බිල්බෝර්ඩ් සංගීත සම්මාන 12ක් වගේම ගිනස් වාර්තා 6ක් සහිත මේ කළු කෙල්ලගෙ රෝල් මොඩ්ල් එක වෙලා තිබෙන්නෙ සුප්‍රකට ගායිකා මැඩෝනා. හැබැයි අද මැඩෝනා ඉන්නෙත් ඇයට වඩා මිලියන ගණනක් පහළින්.

හීන ඔංචිල්ලාවෙ සවාරිය අහවරයි.  දෛවය ගෙනත් අතහැරි තැන ඉඳලා බින්දුවේ ඉඳලා පටන් ගත්ත රිආනා කෙනෙක් වෙන්න ඔබටත් බැරි නැහැ. රෝල් මොඩ්ල් දිහා බලාගෙන රෝල් මොඩ්ල් පහු කරගෙන යන රිආනා කෙනෙක් වෙන්න.

සුපුන් භාග්‍යා වීරකෝන්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button