BREAKING NEWSEXCLUSIVE

මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයට නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීම තහනම්

වාහන හා පුද්ගලයින් පරීක්ෂාවේදී මෙන්ම නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේදී මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

චක්‍රලේඛයක් නිකුත් කරමින් සියලු පොලිස් ස්ථාන වෙත එම උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ඇතැම් පොලිස් නිලධාරීන් මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයට ක්‍රියාකරන දර්ශන මාධ්‍ය ඔස්සේ දක්නට ලැබෙන බව පෙන්වා දෙන පොලිස්පතිවරයා එමගින් එම පුද්ගලයින්ගේ ආත්ම ගරුත්වයට කැළලක් වී ඔවුන් සමාජය ඉදිරියේ අපහසුතාවට පත්වන බවද සඳහන් කර තිබේ.

මේ හේතුවෙන් වහාම ක්‍රියාත්මන වන පරිදි පුද්ගලයින් හා වාහන පරීක්ෂා කිරීමේදී එවැනි ක්‍රියා අත්හිටුවන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අදාළ චක්‍රලේඛය මඟින් උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

එවැනි ක්‍රියා වාර්තා වුවහොත් අදාළ නිලධාරීන්ට සහ ස්ථාන භාර නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිස්පතිවරයා අදාළ චක්‍රලේඛය මඟින් පෙන්වා දී තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button