ඉන්ධන හිඟය නිම වෙයි. රට පුරා ඉන්ධන පිරවුම්හල් වෙත ඩීසල් යැවීම කඩිනම් කරයි..!

රටපුරා ඉන්ධන පිරවුම්හල් වෙත අද දිනයේද ඩීසල් බෙදා හැරීම සිදුවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කරනවා.
ඛනිඡ තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම නෞකාවෙන් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 28,300 ක් මෙරටට රැගෙනවිත් තිබෙන බවයි.
එයින් ඩීසල් ගොඩබෑම ආරම්භ වන්නේ අද සිට වන අතර, ගුවන් යානා ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 9,000 ක් ද මෙම නෞකාව මගින් රැගෙනවිත් ඇති බව ඔහු සදහන් කලා. ඊට අවශ්‍ය ඩොලර් මිලියන 39.3 ක මුදල ද ගෙවා ඇති බවයි බලශක්ති අමාත්‍යංශය විසින් ඊයේ ප්‍රකාශ කර තිබුනා.
දින කිහිපයකට පෙර ඩීසල් මෙට්ට්‍රික් ටොන් 37, 300ක් රැගෙන තවත් නැවක් මෙරටට පැමිණි අතර, එහි ඉන්ධන තොග කඩිනමින් බෙදා හැරීමටයි ඛනිඡ තෙල් සංස්ථාව පියවර ගනු ලැබුවා.
මෙරට බලශක්ති අමාත්‍යංශයේ දත්තවලට අනුව මේවනවිට ශ්‍රී ලංකාව සතුව මෙට්ට්‍රික් ටොන් 65,600 ක ඩීසල් සංචිතයක් පවතින අතර පැවති ඩීසල් හිඟය යළිත් හිස එසනොවෙන බව ඔවුන්ගේ අදහසයි.