BREAKING NEWSEXCLUSIVE
රජයේ විශ්වවිද්‍යාවල අධිවේගී අන්තර්ජාල පහසුකම් පුළුල් කරන්න – ජනපති ගෝඨාගෙන් නියෝග

රජයේ විශ්වවිද්‍යාල සිසුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය පිණිස මෙන්ම පර්යේෂණ කිරීම සඳහා අධිවේගී අන්තර්ජාල පහසුකම් පුළුල් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ උපකුලපතිවරු සමග ඊයේ (10දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ඔහු මෙම උපදෙස් දුන්නේ ය.
විශ්වවිද්‍යාල සදහා වෙන් කරන ප්‍රතිපාදන විශාල ගොඩනැගිලි ඉදිකිරීමට වැය කරනු වෙනුවට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවෙන පර්යේෂණ සහ අධ්‍යයන මෙන්ම තාක්ෂණික මෙවලම් වෙනුවෙන් වැය කිරීමේ වැදගත්කමද ජනපතිවරයා මෙහිදී පැහැදිලි කළේය.