GOSSIP NEWSVIRAL NEWS

19 අහෝසි කරනවාට රජයට බටහිර තානාපති කාර්යාලයන්ගේ විරෝධය

මෙරට ජාතික ආරක්ෂාවට අහිතකර තත්ත්වයක් උදා කළ 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට වත්මන් රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් බටහිර තානාපති කාර්යාල, යුරෝපා සංගමය සහ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දැඩි විරෝධය පළ වී ඇත.

19 වැනි සංශෝධනය අහෝසි කළහොත් ශී‍්‍ර ලංකාවට ජී. එස්. පී. සහන සහ වෙනත් වරප‍්‍රසාද ලබාදීම අත්හිටුවන ලෙස දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන රැසක් බටහිර රටවලට සහ යුරෝපා සංගමයට පෙත්සම් ඉදිරිපත් කර තිබෙන බවද වාර්තා වේ.

මීට අමතරව ලෝක බැංකුවට සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ද පැමිණිලි කරමින් 19 වැනි සංශෝධනය අහෝසි කිරීමට ඉඩ නොදෙන ලෙස එම සංවිධාන තවදුරටත් ඉල්ලා ඇත.

මෙයට සමගාමීව 19 වැනි සංශෝධනය අහෝසි නොකරන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශී‍්‍ර ලංකාවට අනතුරු අඟවා තිබේ.

මෙම 19 වැනි සංශෝධනය සඳහා මුල් වූ යහපාලන රජයේ හිටපු මන්තී‍්‍රවරයෙක් ජනපතිවරණයෙන් පසු ස්විට්සර්ලන්තයට පැන ගොස් ඇත. ඔහුද මේ සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත රජයට පෙත්සමක් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවේ 19 බලාත්මක කිරීමට බලපෑම් කිරීමට ඉල්ලා තිබේ.

කෙසේ වූවත් රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ විදේශ බලපෑම් කෙතරම් එල්ල වුවත් ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල කර තිබෙනා 19 වැනි සංශෝධනය අහෝසි කිරිම සිදු කරන බවයි.

සබැඳි පුවත් :

නව රජයේ පළමු කැබිනට් පත්‍රිකාව 19 වැනි සංශෝධනය අහෝසි කිරීමට ගෙන එයි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button