BREAKING NEWSEXCLUSIVE

“පොහොට්ටු ශ්‍රීලනිප ප්‍රතිශත ඉහළ ගොස් එජාප ප්‍රතිශත පහළ යයි” ඇල්පිටිය මැතිවරණයේ විග්‍රහය

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සමස්ත ප්‍රතිපලය නිකුත් කෙරුණා. එහිදී එම ප්‍රාදේශීය සභාව ජය ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජන්ද 23,372ක් ලබා ගෙන මන්ත්‍රි ආසන 17ක් දිනාගෙන තිබෙනවා.

එජාපය ලබාගෙන ඇති මුළු ජන්ද සංඛ්‍යාව 10,113ක් වන අතර ලබාගෙන ඇති මන්ත්‍රි ආසන සංඛ්‍යාව 7කි.

තෙවන ස්ථානය දිනාගෙන ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානය ජන්ද 5,273ක් ලබා ගෙන මන්ත්‍රි ආසන 3ක් දිනා තිබේ. ජනතා විමුක්ති පෙරමුණ ජන්ද 2,435ක් ලබා ගෙන මන්ත්‍රි ආසන 2ක් පමණක් දිනා ගෙන තිබේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අයත් ඡන්ද කොට්ඨාශ 17 ම ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ.

මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ ජන්ද ප්‍රතිශතය 56.31% ක් වනවා. එක්සත් ජාතික පක්ෂය ලැබූ ජන්ද ප්‍රතිශතය 24.37%ක් වන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ ජන්ද ප්‍රතිශතය 12.7%ක් වේ.

අවසන් වරට ඉකුත් 2011 වසරේ පැවැති ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්ද 19, 954 ක් හිමිවූ අතර එය ප‍්‍රතිශතයක් ලෙස 58.54% ක්. ඒ අනුව අවසන්වරට පැවැති ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීම හා සැසඳීමේදී මෙවර එම පක්ෂ 02 වැඩි ඡන්ද 8, 691 ක් ලබාගෙන ඇති අතර ප‍්‍රතිශතයක් ලෙස එම අගය 10.47% ක වැඩිවීමක් වනවා.

2011 වසරේ පැවැති පළාත් පාලන ඡන්ද විමසීම හා සැසඳීමේදී එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව මෙවර ඡන්ද 314 කින් අඩුවී තිබෙනවා. 2011 වසරේ පැවැති පළාත් පාලන ඡන්ද විමසීමේදී 30.59% ක ඡන්ද ප‍්‍රතිශතයක් එක්සත් ජාතික පක්ෂයට හිමිවූ අතර මෙවර එම පක්ෂය හිමිකර ගෙන ඇති ඡන්ද ප‍්‍රතිශතය 24.37% ක්. ඒ අනුව එම පක්ෂයට හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව පසුගිය මැතිවරණයට සාපේක්ෂව සියයට 6.22% කින් අඩුවී තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button