BREAKING NEWSEXCLUSIVE
ඇල්පිටියේ ඡන්දය ඇරඹේ – ඡන්ද පොළට උදෑසනීන්ම පැමිණෙන්නැයි ඉල්ලීමක්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය අද උදෑසන 7ට ආරම්භ වුනා. ඡන්ද විමසීම අවසන් වන්නේ පස්වරු 4 ටයි.
ඇල්පිටිය සහ පිටිගල යන ඡන්ද බල ප්‍රදේශවල ඡන්ද මධ්‍යස්ථාන 47 කදී ඡන්ද විමසීම පැවැත්වෙමින් තිබෙනවා. ඇල්පිටිය ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයන් සංඛ්‍යාව 53,338 කි.
උදෑසනින්ම පැමිණ ඡන්දය භාවිත කරන ලෙස ගාල්ල දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ ඇල්පිටියේ ඡන්ද දායකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.
ගැටළුවකින් තොරව මේ දක්වා ඡන්ද විමසීම පැවැත්වෙන බව Lanka Mag ප්‍රාදේශීය වාර්තාකරු සදහන් කළා.
ඡන්ද විමසීම අද පස්වරු 4 වන තෙක් පැවැත්වෙනවා.