BREAKING NEWSEXCLUSIVE

ඇල්පිටිය කොට්ඨාස 17ම පොහොට්ටුවට – අවසන් ප්‍රතිඵලය මෙන්න.!

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද කොට්ඨාස 17ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජයග්‍රහණය කර තිබෙන බව වාර්තා වේ. මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ඔවුන් 60% ඉක්මවූ ප්‍රතිශතයක් වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද 5%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර තිබීම විශේෂත්වයකි. එජාපයට තවමත් 35% පසු කර යාමට හැකි වී නැත.

2015 මහමැතිවරණයේදි එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙම ආසනයෙන් ලබා ගත්තේ 52%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. එහිදී එක්සත් ජාතික පක්ෂය 40%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම විශේෂත්වයකි.

මේ අනුව මෙවර මැතිවරණයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ශවයේ ඡන්ද පදනම ඉහළ ගොස්, එජාප ඡන්ද පදනම සීග්‍රයෙන් පහළ ගොස් තිබෙනා බව පෙනී යයි.

2015 මහ මැතිවරණයේ බෙන්තර ඇල්පිටිය ආසනයේ ප්‍රතිඵල පහතින්

මැතිවරණ කොමිසන් සභාව විසින් තවමත් නිල අවසන් ප්‍රතිඵලය නිකුත් නොකළද කොට්ඨාස ප්‍රතිඵල නිකුත් වී තිබේ.

එම ප්‍රතිඵල පහතින්

ඇල්පිටිය තල්ගස්පෙ ඡන්ද මධ්‍යස්ථානය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ –  420
එක්සත් ජාතික පක්‍ෂය – 120
ජනතා විමුක්ති පෙරමුණ – 57
ශ‍්‍රීලනිප – 65

ඇල්පිටිය පිනිකහන ඡන්ද මධ්‍යස්ථානය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 620
එක්සත් ජාතික පක්‍ෂය – 236
ජනතා විමුක්ති පෙරමුණ – 20
ශ‍්‍රීලනිප – 11

ඇල්පිටිය තලාව ඉගල ශ්‍රී සරණංකර විහාර ඡන්ද මධ්‍යස්ථානය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 596
එක්සත් ජාතික පක්ෂය – 187
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – 15
ජනතා විමුක්ති පෙරමුණ – 13

ඇල්පිටිය සුදර්මාරාම විහාර ජන්ද මධ්‍යස්ථානය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 432
එක්සත් ජාතික පක්ෂය – 356
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – 65
ජනතා විමුක්ති පෙරමුණ – 25

ඇල්පිටිය තලාව ඡන්ද මධ්‍යස්ථානය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 623
එක්සත් ජාතික පක්ෂය – 316
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – 70
ජනතා විමුක්ති පෙරමුණ – 34

ඇල්පිටිය ඕමත්ත කොට්ඨාසය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 745
එක්සත් ජාතික පක්ෂය – 297
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – 44
ජනතා විමුක්ති පෙරමුණ – 30

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button