EASTINTERNATIONAL NEWS
කුඩා අලිපැටවෙකු බේරා ගැනීමට ගිය අලි හයක් දියඇල්ලකින් වැටී මරුට

දියඇල්ලකින් ඇද වැටී අලි ඇතුන් හයදෙනෙකු මියගිය පුවතක් තායිලන්තයෙන් වාර්තා වෙනවා.
තායිලන්තයේ කාඕයායි ජාතික වනෝද්‍යානය තුළ පිහිටි “හෙල්ස් ෆෝල්” නමැති දියඇල්ලකින් පහළට ඇද වැටී මෙලෙසින් අලින් හය දෙනෙකු මියගොස් තිබේ.
එහිදී කුඩා අලි පැටවෙකු දිය ඇල්ලේ පහලට ගසා ගෙන ගොස් තිබෙනා අතර එම අලි පැටවා බේරා ගැනීමට වැඩිහිටි අලින් කිහිපදෙනෙකු උත්සාහ කර තිබෙනවා.
එහිදී මෙලෙසට අලි ඇතුන් හය දෙනෙකු ජලපහරේ ගසාගෙන ගොස් තිබේ. බෑවුම් සහිත ස්ථානයක සිරවී සිටි තවත් අලින් දෙදෙනෙකු බලධාරීන් විසින් මුදාගෙන තිබුණා.