BREAKING NEWSEXCLUSIVE

දෙසැම්බර් 8 දා විදුලි සේවකයන් ලෙඩ නිවාඩු..

සියලු විදුලි සේවකයන් එලැබෙන දෙසැම්බර් 8 දා ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පවසනවා.

රාජ්‍ය දේපල විදෙස් රටවලට විකිණීමේ වැඩපිළිවෙළට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතිර්ණ වන බවයි ඔහු පවසන්නේ.

මේ වෘත්තිය ක්‍රියාමාර්ගය සඳහා ඛනිජ තෙල් සහ වරාය සේවකයන්ද සහයෝගය දෙන බවත් එදින සියලු සේවකයන් දහවල් 12ට කොටුව දුම්රියපොළ ඉදිරියට පැමිණ විරෝධය පළ කරන බවත් ඔහු සදහන් කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button