BREAKING NEWSEXCLUSIVE

කාබනික පොහොර මිලියන අටක් බෙදාහැරේ

මේ වනවිට කාබනික දියර පොහොර මිලියන 8කට අධික ප්‍රමාණයක් සහ කාබනික පොහොර ටොන් ලක්ෂ 3ක් ගොවීන් අතර බෙදාදී ඇති බව, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසනවා.

දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් සඳහා වන ප්‍රධාන කමිටු රැස්වීමට සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ දින එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එමෙන්ම, වගා කළ නොහැකි සියලු කුඹුරු ඉඩම්වල පොල් වගා කිරීම සඳහා අවසර ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව, මෙහිදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

ඊට අදාළ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කරන බව සඳහන් කළ අමාත්‍යවරයා, දැනට රට තුළ පොල් පැල හිඟයක් පැවතීම හේතුවෙන් රුපියල් ලක්ෂ පහ බැගින් ලබාදී සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම පොල්පැල තවාන් ආරම්භ කිරීමට කටයුතු කරන බවද කියා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button