BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

ශ්‍රී ලංකාවේ ලාබාලතම කොරෝනා මරනය වාර්තා කරමින් දින 8ක බිළිදෙක් කොරෝනාවෙන් මරුට

ගම්පොළ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දින 8ක් වයසැති බිළිදෙක් කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊයේ (09) නිකුත් කළ වාර්තාවෙන් අනාවරණය වී ඇත.

එය වාර්තා වන්නේ මෙරටින් වාර්තා වූ වූ ළාබාලතම කොරෝනා මරණය ලෙසයි. පසුගිය මැයි 25 වන දින මෙලොව උපත ලබා ඇති බිළිඳා මැයි 27 වන දින රෝහලෙන් පිටව ගොස් ඇති අතර නිවසට ගිය පසු ඇති වු වමනය හා උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් බිළිඳාව නැවත රෝහල් ගත කර තිබේ.

පසුව සිදුකළ පීසීආර් පරීක්ෂණයක දී බිළිඳා ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත.

ගම්පොළ, පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි බිළිඳාගේ මවට හෝ පියාට මෙතෙක් පීසීආර් පරීක්ෂණයක් සිදුකර නොමැති අතර, ඔවුන්ගෙන් දරුවාට කොවිඩ් ආසාදනය වන්නට ඇතැයි වෛද්‍යවරු සැක පළ කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button