BREAKING NEWSEXCLUSIVE
සජබයටත් බිත්තර ප්රහාරයක්..

සමගි ජන බලවේගයේ ප්රධාන කාර්යාලයට ප්රහාරයක් එල්ල වූ බව එම පක්ෂය පවසනවා.
අද පෙරවරුවේ පිටකෝට්ටේ පිහිටි එම කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ පිරිසක් එම කාර්යාලයට බිත්තර ප්රහාරයක් එල්ල කර ඇති අතර පසුව පිරිස එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා
පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ජනතාව වෙනුවෙන් සිදුකළේ කුමක්දැයි පවසමින් පැමිණ සිටි පිරිස විසින් එහිදී විරෝධතාවය දක්වා තිබෙනවා.
සමගි ජනබලවේගය පවසන්නේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී මධුර විතානගේ මහතා සමග පැමිණි පිරිසක් මෙම ප්රහාරය එල්ල කල බවයි.