BREAKING NEWSEXCLUSIVEPOLITICS

ආර්ථික පීඩනය ලබන ජනවාරි වන තෙක්..

ආර්ථික අර්බුදය නිසා ඇතිවී තිබෙන ආර්ථික පීඩනය ලබන ජනවාරි මාසය වන විට පහව යනු ඇති බවට මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

කොවිඩ් වසංගතයත් සමඟ ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විට රටේ සියලුම ක්ෂේත්‍ර පීඩනයට ලක්ව සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එම පීඩනය ජනවාරි වන තුරු උපරිමයෙන් පවතින බවත් ඉන් පසු පහව යනු ඇති බවත් ඔහු පැවසුවා.

සංචාරක ක්ෂේත්‍රයේ නිරත පිරිස් මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් අද මහා බැංකු ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමක් අමතමින් ඔහු මේ අදහස් දක්වා තිබෙනවා.

මෙම රැස්වීම සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීම පරිදි පවත්වා ඇති බව වැඩිදුරටත් සඳහන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button