GOSSIP NEWSVIRAL NEWS

නවකවදයට විරුද්ධ වූ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුන්ට අමානුෂික ප්‍රහාරයක්!

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් තවත් සිසුන් පිරිසකට සිදුකළ පහරදීමකින් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ නවක වදයට විරුද්ධවෙමින් පළමු වසරේ සිසුන් සංගමයක් පිහිටුවා ගැනීම මෙම පහරදීමට හේතුව වී ඇති බවයි.

විශ්ව විද්‍යාලය තුළදී නවක වදයට ලක්වන සිසුන් වෙනුවෙන්  නැගෙනහිර විශ්ව විද්‍යාලයේ කලා අංශයේ පළමු වසරේ සිසුන් කිහිප දෙනෙකු විසින් අදාළ සංගමය පිහිටුවාගෙන තිබෙනවා.

ඊට උරන වූ එම අංශයේ දෙවන වසරේ සිසුන් 7 දෙනෙකු විසින් පළමු වසරේ සිසුන් දෙදෙනෙකුට මෙම පහරදීම සිදුකර තිබෙනවා.

එම අවස්ථාවේ සිද්ධිය දුරකථනයෙන් රූගත කළ සිසුවෙකුටද පහර දෙන ආකාරය දැක්වෙන දර්ශන අපවෙත ලැබී තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ දෙදෙනෙකු මඩකලපුව ශික්ෂණ රෝහලට රැගෙන යාමට ගිලන් රථයක් පැමිණියද ඊට ද දෙවන වසරේ සිසුන් බාධා කරන අයුරු දැකගත හැකි වුණා.

https://youtu.be/-oVc2h3dde0

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button