BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

කිසිදු සැකයක් තියාගන්න එපා. පාස්කු ප්‍රහාරකයන්ට ගැලවීමක් නෑ. – අගමැති

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට වගකිවයුත්තන්ට නීතියේ රැහැනින් රිංගා යාමට ආණ්ඩුව කිසිසේත්ම ඉඩ නොදෙන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

පාස්කු ප‍්‍රහාරයට වසර දෙක හමාරක් ගෙවුණු දිනයේ දී පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමේ අභිලපාෂයක් රජයට නැති බවට කාදිනල් හිමිගෙන් දැඩි විවේචනයක් එල්ල විය. මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත අගමැතිවරයාගෙන් කළ විමසීමේ දී අගමැතිවරයා ඉහත අදහස ප‍්‍රකාශ කර තිබේ.

පාස්කු ප‍්‍රහාරයට වගකිව යුතු ඕනෑම පුද්ගලයෙකු තරාතිරම නොබලා නීතිය ඉදිරියට පමුණුවන බවට අගමැතිවරයා සහතික වී තිබෙන අතර,ඒ පිළිබදව කිසිදු සැකයක් තබාගත යුතු නැතැයි ද ඔහු වැඩි දුරටත් පුවත්පත සමග ප‍්‍රකාශ කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button