BREAKING NEWSEXCLUSIVE
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් එළියට

පාස්කු ඉරු දින කතෝලික පල්ලි ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මහා මොළකරු ලෙස නවුෆර් මවුලවී හඳුනාගෙන ඇති අතර හජ්ජු රබ්බාර් යන පුද්ගලයාද ඊට සම්බන්ධ බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.
අන්තවාදී මතවාද මෙරටට රැගෙන ආ ආදාළ පුද්ගලයින් ලෙස ඔවුන් හඳුනාගෙන ඇති අතර අන්තවාදය ව්‍යාප්ත කිරීමට 2016 සිට සහරාන්ව යොදා ගෙන ඇත්තේද ඔවුන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.තවදුරටත් සාරා ජස්මින් මිය ගියදා නැද්ද යන්න සම්බන්ධයෙන් තවම අනාවරණය කර ගත නොහැකි වූ බවද ඇමති වරයා පැවසුවා.
ඒ මේ වන රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමින්.