BREAKING NEWSPOLITICS

යහපාලන දේශපාලන දඩයමේ විශාලතම ගොදුර “දුමින්ද සිල්වා” හිරෙන් නිදහස් වී ඇවිත් රටෙන්ම අසන ප්‍රශ්නය!

පිවිතුරු හෙල උරුමයේ පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

19 වන සංශෝධනය ගෙනැවිත් අධිකරණය ස්වාධීන කළ බවට පුරාජේරු කියූ එජාප නායකයින්ගේ රෙදි ගැලවෙන රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාගේ දුරකතන සංවාද තොගයක් මාධ්‍ය වලට ලැබී තිබෙනවා. ජ්‍යෙෂ්ඨ ලැයිස්තුවේ යට සිටින නඩුකාරවරියන් දේශපාලකයින් සතුටු වන තීන්දු ලබා දී “අනේ අනිත් අයට උඩින් මට උසස්වීමක් දෙන්නකෝ” කියලා බැගෑපත් වන ආකාරය මේ සංවාද තුල තිබෙනවා.

ඒ වගේම දුමින්ද සිල්වාගේ නඩුවේ තීන්දුව දෙන්න කලින් ශානි අබේසේකර දන්නේ කොහොමද? පද්මිණි විනිසුරුවරිය සහ තවත් විනිසුරුවරයෙකු දුමින්දට දඬුවම් දෙන බවත් ශිරාන් රණසිංහ විනිසුරුවරයා දුමින්දව නිදහස් කරන බවත් ශානි විසින් රන්ජන්ට කියනවා. එතකොට මම ශිරාන්ට කතා කරන්න දැයි රන්ජන් අහනවා. කතා කිරීමට අනවශ්‍ය බවත් එවැනි තීන්දුවක් හොඳ බවත් ශානි පවසනවා. එහෙම නම් දුමින්ද සිල්වාට ලබා දුන් තීන්දුව අධිකරණයේ තීන්දුවක් නොව දේශපාලකයින් සහ විමර්ශන නිලධාරින් එක්ව සැකසූ තීන්දුවක් බව දැන් පැහැදිලියි.

දුමින්ද සිල්වා දැන් වසර හතරක් සිර ගෙදර දුක් විඳිනවා. ඔහුව දැන් නිදහස් කළත් ඔහුගේ ජීවිතයේ අහිමි වුණු වසර හතර යළි ලබා දෙන්න පුළුවන් ද? ප්‍රංශයේ මොන්තෙ ක්‍රිස්තො සිටුවරයා නොකළ වරදකට වසර විස්සකට සිර දඬුවම් විඳිනවා. ඔහුගේ පෙම්වතිය අයිති කර ගන්න තමයි පාලකයා ඔහුව වරදක පටලවන්නේ. ඔහු සිර දඬුවමින් පසු හිටියාටත් වඩා පොහොසත් වෙනවා. පැරණි පෙම්වතිය යළි විවාහ කර ගන්නවා. නමුත් ඔහු පාලකයාට කියන්නේ “ඔබට සෑම දේම මට දෙන්න පුළුවන්. නමුත් මගේ ජීවිතයේ නැති වුණු අවුරුදු විස්ස දෙන්න පුළුවන් ද” කියලා. දුමින්ද සිල්වාත් හිරෙන් නිදහස් වී ඇවිත් ඒ ප්‍රශ්නයම සමාජයෙන් අහන්න පුළුවන්.

විනිසුරුවරයෙකු සමග කවුරු හරි නඩුවක් ගැන කතා කරන්න එනවා නම් ඒ සාකච්ඡාව විනිසුරුවරයා ප්‍රතික්ෂේප කළ යුතුයි. ගෙදර බිරිද දරුවන් සමගවත් නඩුවක් පිළිබදව කතාකරන්නට ඔවුන්ට අයිතියක් නෑ. ප්‍රතික්ෂේප කරන විටත් බලපෑම් කරනවා නම් අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කළ යුතුයි. විනිසුරුවරුන් තීන්දු දෙන්නේ දේශපාලකයින් සහ විමර්ශන නිලධාරින් සමග සාකච්ඡා කරලා නම් කුමට එරට අධිකරණය, නීතිය සහ විනිසුරන් කියා අපට අසන්න සිද්ධ වෙනවා. පද්මිණි රණවක වැනි දූෂිත විනිසුරුවරියන් ඉන්නේ ඉතාම අතලොස්සයි. නමුත් ඒ අතලොස්ස විසින් අධිකරණයේ ගෞරවය බරපතල ලෙස විනාශ කර තිබෙනවා.

මේක ලංකා ඉතිහාසයේ අධිකරණයට එල්ල වුණු ලොකුම කළු පැල්ලම ලෙස මම දකිනවා. අධිකරණය පිළිබඳ ජනතා විශ්වාසය යළි ඇති වීමට නම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර පසුගිය වසර පහ තුල අධිකරණයට සහ අපරාධ විමර්ශනයට සිදු වී ඇති දේශපාලන බලපෑම් හෙලි කර ගත යුතුයි. දේශපාලන බලපෑම් කළ පුද්ගලයින්ට මෙන්ම ඒවාට සිය කැමැත්තෙන් යටත් වුණු පුද්ගලයින්ට ද දඬුවම් කළ යුතුයි.

ජනතාවට සාධාරණයක් ඉටු වීමට නම් පසුගිය වසර පහේ දී ශානි විමර්ශනය සිදු කළ නඩු වගේම පද්මිණි තීන්දු දුන් නඩු යළි විභාග කළ යුතු බවට අපි අගවිනිසුරුතුමාට යෝජනා කරනවා. එහෙම නොකලොත් බොරු වැරදි වලට සිර දඬුවම් විඳින සමාජයෙන් අපහාස විඳින දේශපාලන දඩයමේ ගොදුරු වලට සිදු වන්නේ බලවත් අසාධාරණයක්. මතක තියා ගන්න. ලක්ෂ සංඛ්‍යාත දුරකතන සංවාද වලින් තවම එළියට ආවේ විස්සකටත් අඩු ප්‍රමාණයක්. හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමයට කිව්වාලු.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button