BREAKING NEWSPOLITICS
දුමින්ද දිසානායකත් පොහොට්ටු වේදිකාවට – ගෝඨාගෙන් උණුසුම් පිළිගැනීමක්

එළඹෙන ජනපතිවරණය උදෙසා ශ්රී ලංකා පොදුජන පවත්වන මංගල රැළි මාලාව අද ඇරඹෙනවා. ඒ අනුරාධපුර නගරයෙන්.
ශ්රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහ ලේකම් දුමින්ද දිසානායක මන්ත්රීවරයා මෙම රැළියට සහභාගී වීමට නියමිතව තිබේ. පසුගිය දිනවල දුමින්ද දිසානායක මන්ත්රීවරයා පිළිබඳ විවිධ කටකතා පැතිරුණු මොහොතක ඔහු මෙලෙසට පොහොට්ටු වේදිකාවට එක්වීම විශේෂත්වයකි.
අද දින අනුරාධපුරයට ගොස් සිටිනා ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට දුමින්ද දිසානායක මන්ත්රීවරයා ගොස් තිබුනා.
එහිදි මන්ත්රීවරයාට ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්.
එම අවස්තාවේ ඡායාරූපය පහතින්,