BREAKING NEWSEXCLUSIVE
රෝහල්ගතව සිටි දුමින්ද සිල්වා රහස් පොලීසියේ අත්අඩංගුවට…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී රහස් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට හිමිවී ඇති ජනාධිපති පොදු සමාව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිද වන සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුලූ පිරිසක් ගොණුකර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලු අවස්ථාවේදි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.
වහාම දුමින්ද සිල්වාව අත්අඩංගුවට ගන්නැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය නියෝග කළා.