සමාජ මාධ්‍යයේ ඉස්ලාම් දහමට අපහාස කළැයි ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට ඩුබායි අධිකරණයෙන් කෝටි 8ක දඩයක්!

සමාජ මාධ්‍ය ඔස්සේ ඉස්ලාම් දහමට අපහාස කළ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකිකයන් තුන් දෙනෙකුට එරෙහිව ඩුබායි අධිකරණය මගින් අවසන් තීන්දුවක් ලබාදී තිබෙනවා.
ඒ අනුව ඩුබායි හි තරු පහේ සංචාරක හෝටලයක ආරක්ෂකයන් වන ඔවුන්ට දිරාම් පන් ලක්ෂය බැගින් දඩ ගෙවිය යුතු වනවා.
එය එක් අයෙකුට ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක්. මොවුන්ට මුලින්ම චෝදනා එල්ල වූයේ පසුගිය වසරේ මැයි 19 වන දිනයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙම ශ්‍රී ලාංකිකයන් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය හරහා අදාළ පළ කිරීම් සිදුකර තිබුණා. එහිදී ඔවුන්ට මේ ආකාරයේ දඩ මුදලක් ගෙවා පිටුවහල් කරන ලෙස මූලික නියෝගයක් නිකුත් කෙරුණේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදියි.
කෙසේ නමුත් ඒ සඳහා අභියාචනා කිරීමට ලබාදී තිබූ කාලසීමාව අවසන් වීම හේතුවෙන් එම දඬුවම අවසන් තීන්දුව ලෙස ඩුබායි අධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
නඩු විභාගය අතරතුර මොවුන් සිය වරද පිළිගත් බවයි ඩුබායි මාධ්‍යය ප්‍රකාශ කළේ.