ජනපති අණින් ආරක්ෂක අංශ වැඩ අරඹයි – කුඩු කිලෝ 192ක්, තුවක්කු 10ක් සමග කුඩු ව්‍යාපාරයේ ඉහළම පාතාලයෙක් අල්ලයි

ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් ලබා දුන් විශේෂ උපදෙස් මත ආරක්ෂක අංශ විසින් මත් කුඩු හා මත් ද්‍රව්‍ය ජාවාරම් සොයා මේ වනවිට රට පුරා මෙහෙයුම් දියත් කර තිබේ.
එම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස අද දින බන්ඩාරගමදී සිදුකල විශේෂ වැටලීමකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 192 , විදේශීය නිෂ්පාදිත පිස්තෝල අවි 10, එම මැගසින් 19 සමග සැකකාරියන් 02 හා සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙය මෑත කාලයේ හමුවූ විශාලතම මත් කුඩු තොගය හා ආයුද තොගයක් වෙයි.
වාර්තා වන අන්දමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී ඇත්තේ මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කිරීමේදී සුලු ජාවාරම්කරුවන් පමණක් ඉලක්ක නොකර ජාවාරම මෙහෙයවන ප්රබලතම හා විශාලතම අපරාධකරුවන් හා ජාවාරම්කරුවන් මැඩලන ලෙසයි.
ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ලබා ගන්නා ලෙසත්, ඕනෑම ගැටලුවකදී සෘජුව ආරක්ෂක ලේකම්වරයා හරහා තමන්ට වාර්තා කරන ලෙසත් ජනපතිවරයා විසින් ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී තිබෙන බවත් වාර්තා වේ.